Colombo Today Local News

සේයා ඝාතනය කළේ කොණ්ඩයාගේ අයියාමයි, ප්‍රබල සාක්ෂි ලැබුණු බව පොලීසිය කියයි.

seyaමහත් ආන්දෝලනයට තුඩුදුන් කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ කොණ්‌ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත් නමැත්තා බවට තහවුරු වන ප්‍රබල සාක්‍ෂියක්‌ ලැබී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

සමන් ජයලත්ගේ ඩී. එන්. ඒ. වාර්තාව සහ සේයා දැරියගේ පියාගේ  ඩී. එන්. ඒ. වාර්තාව මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සේයා දැරියට අතවර කර ඇයට කෲර වධහිංසා පමුණුවා ඝාතනය කර එහි වරද තම සොහොයුරා වන කොණ්‌ඩයා පිට පවරා සමන් ජයලත් බේරී යැමට උත්සහ කළ බව මේ වන විට අනාවරණය වී ඇත.

විවිධ අපරාධ සම්බන්ධයෙන් සමන් ජයලත් නමැත්තා වසර 6 කට ආසන්න කාලයක්‌ බන්ධනාගාර ගතව සිටි අයෙකි. මොහු සේයා ඝාතනය සිය සොහොයුරා පිට පවරා පොලිසිය ද නොමග යවා තිබූ බවද හෙළිවී තිබේ.

සේයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ කොණ්‌ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත්ය.එහිදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත කොණ්‌ඩයා ද අත්අඩංගුවට ගෙන තිබිණි.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යද්දී සේයා ඝාතනයට සමන් ජයලත්ගේ සම්බන්ධතාවක්‌ තිබෙන බවට සැක පහළ විය.සමන් ජයලත් ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා ඉදිරිපත් කළේ ඉන් පසුවය.

Related posts

තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන එයි

colombotoday

හිරුණිකාට ක්ෂණික ඇප ලැබේ.. අත්අඩංගුවට ගත් සැනින් නිදහස්

colombotoday

සියතින් වෙඩි තබාගෙන ලුතිනන් මිය යයි.

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට එක්වූ තවත් 6දෙනෙක් අත්අඩංගුවට

colombotoday

මෛත්‍රී – රනිල් ප්‍රසිද්ධ වෙන්දේසිකරුවො වගේ.. රාජ්‍ය සම්පත් විකුණන් කනවා.. ආර්ථිකය ඉවරයි – JVP

colombotoday

කටින් බතල විතරයි.. දකුණේ දාන ගෙම්බර් උතුරු නැගෙනහිර අන්තවාදීන්ට කෝ – ඥාණසාර හිමි පොලිස්පතිගෙන් අසයි

colombotoday