Colombo Today Local News

සුව ඇමතිගෙන් වෛද්‍ය සංගමයට චෝදනාවක්.

සෞඛ්‍ය සේවයේ පවතින විවිධ සටන් පාඨ හේතුවෙන් මෙරට තරුණ පරම්පරාවේ උසස් අධ්‍යාපනයට බාධා එල්ල වී ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

ඒ අනූව කොළඹ පැවති උත්වසයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් පවතින විකෘති දේශපාලන මත සමඟ ක්‍රියාකිරීමට සිදුව ඇති බවයි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“විදේශීය රටවල උපාධියක් ලබාගැනීමට තරඟයක් නැහැ. විදේශ රටවල වෛද්‍ය විද්‍යාල, විශ්ව විද්‍යාල අවශ්‍ය තරම් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ඊට වැටබැදලා තිබෙනවා. උසස් අධ්‍යාපනයට සීමා පැනවීමේ සටන් පාඨ ඉදිරිපත් කරනවා.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය එපා කියලා කෑගහනවා. සියල්ලම පෞද්ගලීකරණය කරනවා කියලා කෑගහනවා. ඒවා බොරු සටන් පාඨ විතරයි. වර්තමානයේ සෞඛ්‍ය සේවාවට වෛද්‍යවරුන් මදි. නමුත් වෛද්‍ය විද්‍යාල හදන්නත් ඉඩ දෙන්නේ නැහැ.

මෙම නිසා තරුණ තරුණියන් පීඩාවට පත් වෙනවා. ඔවුන් බංග්ලාදේශය, නේපාලය වැනි රටවලට ගොස් වෛද්‍ය උපාධිය හදාරනවා. මෙවැනි විකෘති දේශපාලන මතිමතාන්තර තිබෙන රටක් තමයි සංවර්ධනය කිරීමට සිදුව තිබෙන්නේ.

හෙද හෙදියන් සදහා උපාධිය පිරිනැමීමට යෝජනා වූ විට වෛද්‍ය සංගමය විරෝධය පළ කළා. නමුත් හෙද උපාධිය ලබා දීමට අපි තීරණය කරලා වැඩ කටයුතු ආරම්භ කළා. ඊටත් විරෝධය පළ කරනවා. ශ්‍රී ලංකාවේ හොද සංවර්ධන ව්‍යාපෘති වලට විරෝධය පළ කරනවා.

ඔවුන් ඉපදිලා මැරෙනකම් විරෝධය පළ කරලා අවසන් ගමනේ දීත් විරෝධය දක්වනවා. එහෙම කෑගහන්නේ 10% යි. ඒ කෑගහන අය නිසා  රජයන් ප්‍රතිපත්ති වෙනස් කරනවා. ලිංමැඩි න්‍යායෙන් තමයි වෛද්‍ය සංගම් කටයුතු කරන්නේ. තමන්ට වාසි වෙන ඒවා බ්‍රිතාන්‍ය යෙන් ලබාගන්නවා. ලෝකය සමග ගමන් කළ යුතුයි. බොහෝ අංශ ලෝකය සමග ගමන් නොකිරීම නිසා තනිවී සිටිනවා යැයි ද කීය.”

Related posts

ආණ්ඩුවේ අඩුපාඩු ගැන ෆොන්සේකා කතා කරයි

colombotoday

එට්කා ගිවිසුම කඩිනම් කිරීමට ඉන්දියාව සමග එකගවුණා – ඇමති මලික් සමරවික්‍රම

colombotoday

ජනපතිගෙ කඩුවෙ එක පැත්තක් මොට්ටයි.. උදේට එකක් කියනව, හවසට තව එකක් කියනවා – එජාපයෙන් ජනපතිට නැවතත් ප්‍රහාර

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ කෝටි 10ක වත්කම් පොලිස් භාරයට

Admin

ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

මහින්දගේ ආණ්ඩු විරෝධී ජාතික පෙරමුණ ළගදීම

colombotoday