Colombo Today Local News

සුපුරුදු හොරු කල්ලිය නැවතත් මහින්ද වටකරගෙන… මේ ජනතා ජයග්‍රණය දේශපාලන අපතයින්ට පාවා දෙනු බෑ – විදුර වික්‍රමනායකගෙන් මහින්දට පණිවිඩයක්…

අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ සුපුරුදු හොරු කල්ලිය වටකරගෙන යැයි කළුතර දිස්ත්‍රීක් මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ පසුගිය 28 වනදා කළුතරදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

“ඊයේ නව අග්‍රාමාත්‍ය තුමා එතුමගේ නිල නිවසට අපේ මන්ත්‍රී කණ්ඩායම කැඳවලා තිබුනා. අපිත් ඉතින් බොහොම අමාරුවෙන් අර ගේට්ටුවෙන් ඇතුළු වුනා. අපි ඒ යන අතරතුර සහ රැස්වීම ඉවරවෙලා එන අතරතුර දැක්කේ නැවත වතාවක් අර පට්ට හොරුන් එකතුවෙලා ඉන්නවා. මෙතෙන්ට ඇවිල්ල මේව අරක්ගන්න ලෑස්ති වෙනවා. ආත්ම ශක්තියක් නැති, ප්‍රතිපත්තියක ඉන්න බැරි කණ්ඩායමුත් ඒ අතර හිටියා. දේශපාලන අනාතයින්ට සහ දේශපාලන අපතයින්ට මේ ජනතා ජයග්‍රහනය පාවා දෙන්නට හොඳ නැහැ.” යැයිද ඒ මහතා එහිදී සඳහන් කරයි.

[fbvideo link=”https://www.facebook.com/lankatruthofficial/videos/282792619012709/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

“රට ගොඬනගන්න තවත් එක් වතාවක් අපට දෙන්න” – රවී

colombotoday

කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ ඉහල යාමක්

colombotoday

සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට

colombotoday

මෝදර නිවසක මත් කරල් ගබඩාවක් වටලයි

Admin

අයිස් සමග සැකකරුවන් 3 ක් දැලේ

colombotoday

මැරෙන්න මොහොතකට පෙර හෝ ඥානසාර හිමිට කල අසාධාරණයට විපාක ලැබෙයි – දියසෙන්පුර විමල හිමි

colombotoday