කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු සියලු විශ්වවිද්‍යාල අද (17) දිනයේ සිට යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත සමාන්‍ය පරිදි විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකරන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
මේ අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු අගෝස්තු 19 වන දින ආරම්භ වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකය දැනුම් දී ඇත.
ඒ අනුව නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන් අගෝස්තු 18 වන දින පස්වරු 5ට පෙර නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු බවත් එම ඒකකය දැනුම් දෙයි.