Colombo Today Local News

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

සිංහල මහ ජාතියේ කැමැත්ත නොමැතිව උතුරු නැගෙනහිර ගැටළුවට විසදුමක් දීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ ‘හින්දුස්ථාන් ටයිම්ස්‘ පුවත්පත හා පැවති සාකච්ඡාවකදී සදහන් කළේය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු ක්‍රියාත්ම කළ නොහැකි අංග කිහිපයක්ම තිබෙන බවත්, මෙම ප්‍රශ්ණ සියල්ලටම ඉන්දියාව ප්‍රවේශ වීමට උත්සහ කරන්නේ එකම කෝණයකින් පමණත් යැයි තමා සිතන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

නිදහසින් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුවී නැති බවත්, එම ජනතාවගේ රැකියා විරහිත භාවය, ධීවර කර්මාන්තයේ ගැටළු, කෘෂිකර්මාන්තය, හා අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල ගැටළුවලට උත්තර දීම තමාගේ කාර්යය බවද අවධාරණය කරන ජනාධිපතිවරයා, පසුගිය ආණ්ඩුව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරේ බහුතර සිංහල ජනතාවගේ එකතාවයක් නොමැතිව බවද සදහන් කර ඇත.

Related posts

විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday

ගෝඨාභයගේ නඩුව 04 විභාගයට ගනී… දිනපතා විභාගයට ගැනීමට තීන්දුයි…

colombotoday

සතොස ගර්භණී මවුවරුන්ට පෝෂණ මල්ල දීම නවතයි

colombotoday

ජාජබ මැතිවරණ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

Admin

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක ණය ආධාරයක්

Admin

ඇමරිකාව නැවතත් සද තරනණයේ

Admin