Colombo Today Local News

සැකකටයුතු ඉරාන ජාතිකයෙකු සහ ශ්‍රී ලංකීකයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

ඊයේ ( 17)  දින සිලාවතුර මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ලෙස ඩිංගි යාත්‍රාවකින් යාත්‍රා කරමින් සිටි ඉරාන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකික ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සිදුවන අනවසර සංක්‍රමණ කටයුතු සහ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇති මෙහෙයුමක් අතරතුරදී සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර ඇත.

එහිදි  මෙම යාත්‍රාවේ ඉරාන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකික ජාතිකයෙකු සිට ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න  කිරීමේදී නිසි අවසරයකින් තොරව මුහුදේ යාත්‍රා කරමින් සිට ඇති බව කරුණු අනාවරණය කරගෙන ඇත. අනතුරුව මෙම පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රාව සිය භාරයට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

තවද, ‍නාවික හමුදාව විසින් සිදු කල වැඩිදුර විමර්ශනයෙදී විදේශිය ජාතිකයාගේ මාර්ගෝපදේශකයෙකු ලෙස පෙනි  සිටි පුද්ගලයෙකු ද සිලාවතුර වෙරළ තීරයේදී නාවික හමුදාව විසින් හඳුනාගෙන ඇති අතර, එහිදී විදේශිය ජාතිකයින් සඳහා මාර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කිරීම සඳහා පිළිගත හැකි ලියකියවිලි නාවික හමුදාව වෙත ඉදිරිපත් කිරීමට මෙම පුද්ගලයා අපොහොසත්ව ඇත.

ඒ අනුව මෙම පුද්ගලයා ද නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත. නාවික හමුදා භාරයට ගත් ඉරාන ජාතිකයාගේ වයස අවුරුදු 31 ක් වන අතර, ශ්‍රී ලාංකික ජාතිකයින් වසය අවුරුදු 27 සහ 57 වන වියෙහි පසුවන මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.   

එම පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, මෙවැනි ආකාරයෙන් වගකීම රහිතව නීති විරෝධී අන්දමින් විදේශිය ජාතිකයින් රැගෙන මුහුදු සංචාරය සිදු කිරීම තුලින් සිදුවන අනතුරු වලක්වාලීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානය යොමු කර කටයුතු කරනු ලබයි.

Related posts

ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස මහා විහාරය සංරක්ෂණයට පුරාවිද්‍යාවෙන් තීරණයක්

Admin

හොර මරණ සහතිකයක් සාදා මුස්ලිම් ජාතිකයෙකු භූමිදානය කරලා. නිවැසියන්ට එරෙහිව නීතිමය පියවර.

colombotoday

“චාවකච්චේරියේ බෝම්බ ගැන ආණ්ඩුව කියන කතාවලට අඬලත් බෑ හිනාවෙලත් බෑ” – උදය ගම්මන්පිල

colombotoday

කල්දේරම් බතේ රස බැලු ඇමතිවරිය

colombotoday

ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය 21 දා !

colombotoday

එක්සත් රාජධානියේ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට දැනුම් දීමක්

colombotoday