Colombo Today Local News

සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 71ක්

සමස්ත දිවයිනේ ම ඡන්දදායකයන්ගෙන් සියයට 71 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඡන්ද වීමසීම නිමාවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද (05) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

ඡන්ද විමසීම පැය 10ක් පුරා පැවැත්වුණේ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පැනවූ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වය.

දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට හැත්තෑව ඉක්මවා ගොස් තිබුණි.

අඩුම ප්‍රතිශතය මෙවර වාර්තා වී තිබුණේ කුරුණෑගල,ගාල්ල පුත්තලම දිස්ත්‍රික්කවලින්.

ඒ අනුව දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතයන් මෙසේ ය.

ගාල්ල 69%
නුවරඑළිය 75%
බදුල්ල 74%
ත්‍රිකුණාමලය 74%
මොනරාගල 74%
වන්නි 73%
රත්නපුර 73%
හම්බන්තොට 73%
කොළඹ 72%
දිගාමඩුල්ල 72%
මඩකලපුව 72%
පොළොන්නරුව 71%
කෑගල්ල 71%
මාතර 71%
කළුතර 71%
මාතලේ 71%
මහනුවර 71%
අනුරාධපුරය 71%
ගාල්ල 69%
කුරුණෑගල 69%
ගම්පහ 69%
යාපනය 64%
පුත්තලම 63%

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 කින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර ඉදිරිපත් ව සිටියි.

2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසූපහකි.

දිවයින පුරා මධ්‍යස්ථාන 12,985 කදී ඡන්ද දායකයින්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබුණි.

මෙවර මහමැතිවරණය කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ පැවැත්වීමට සිදුව තිබීම නිසා ඡන්ද දායකයින්ට අද දිනයේදී සිය ඡන්දය භාවිත කිරිමට අවස්ථාව සලසා තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වය.

Related posts

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් සති දෙකක් ඇතුළේ

colombotoday

කොළඹ වරාය නගරයේ පළමු ඉඩම් වෙන්දේසිය ලබන වසරේ !

colombotoday

මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි

colombotoday

මැකො. සභාපති ඉවත් වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

colombotoday

ගබ්සාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ !

colombotoday

සමාජ ඒකාබද්දතාවය නංවන්න “සිතමු” ව්‍යාපෘතිය යලි අරබනවා – Worldview

colombotoday