Colombo Today Local News

සජිත්-මද්දුමබණ්ඩාර UNPයෙන් දොට්ට ? සජිත්ගේ සන්ධානයේ තනතුරුලාභීන්වත් එජාපයෙන් පන්නයි !

විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රන්ජිත් මද්දුමබංඩාර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට සූදානම් වන බවට වාර්තා වනවා.

එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ සමගි ජාතික බලවේගය පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව පිළිගැනීමත්, අදාළ පක්ෂයේ තනතුරු ලාභීන් ලෙස මොවුන් දෙදෙනා කටයුතු කිරීමත් නිසා එක්සත් ජාතික පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනා මත එම දෙදනා පිළිබදව තීරණයක් ගැනීමට සූදානම් වන බවයි.

ඊට අමතරව එම සන්ධානයේ තනතුරුලාභීන් වන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇති බවද පැවසේ.

අපේ ජාතික පෙරමුණ යන දේශපාලන පක්ෂය පදනම් කර ගෙන සමගි ජන බලවේගය නිර්මාණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබේ. හදවත ලකුණ යටතේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නව සභාපති ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර ඇති අතර එම නම මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන තිබේ.

එම පක්ෂයේ නව ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නමද මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන ඇත.

Related posts

කිලිනොච්චියේ මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට වෙඩි තැබීමක්

Admin

විදුලි පනතට බියෙන් ලංවිම සභාපති රට පැනලා – ඇමැති කාංචනට යකා නගී

Admin

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday

මැති ඇමැති පිරිසක් රට පනී ?

colombotoday

අයවැය දෙවන වර කියවීමේ පළමු දින විවාදය අද

Admin

වැලිපැන්නේ මුස්ලිම් පල්ලිය අසල හිස් ඉඩමක බෝම්බ තුනක්…

colombotoday