Colombo Today Local News

ශ්‍රී ලංකා භූමියෙන් 18%ක් ඇමරිකාවට දෙන MCC ගිවිසුමට කැබිනට් අනුමැතිය…

රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 18.2% ආර්ථික කොරිඩෝවක් ලෙස ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගමට ලබා දෙන MCC ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විරෝධය හේතුවෙන් එම ගිවිසුම සදහා අනුමැතිය ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබිණි.

ශ්‍රි ලංකා රජය හා ඇමරිකානු සමාගම අතර අදාළ ගිවිසුම අද ඔක්තෝබර් 31 දිනයේ අත්සන් තැබීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

මේ සඳහා ආධාර අත්තිකාරමක් ලෙස ඩොලර් මිලියන 480ක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට නියමිත අතර, ඒ අනුව අක්කරයකට ලැබෙන අත්තිකාරම රුපියල් 29137.37 කි. පර්චාසයකට ලැබෙන අත්තිකාරම රුපියල් 180.10 කි.

ශ්‍රී ලංකාවේ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 6,561,000 ක් වන අතර, ආර්ථික කොරිඩෝව ලෙස MCC ගිවිසුම යටතේ ඇමෙරිකාවට වෙන්කෙරෙන බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,200,000 කි.

Related posts

නතාෂා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරයි

Admin

වෛද්‍ය, ගුරු, දුම්රිය අද වර්ජනයේ.. හෙද, තෙල්, ජල, විදුලි ඇතුළු වෘත්තීය සමිති 150ක සහය

colombotoday

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා. – ජනපති කියයි

colombotoday

ලක් රජයට බදුත් නොගෙවා ෆේස්බුක් සමාගම ලංකාවෙන් උපයාගන්නා ආදායම මෙන්න

colombotoday

දුමින්ද බලන්න නාමල් වැලිකඩට

colombotoday

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

colombotoday