Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ හිරවී සිටින තම පුරවැසියන් රැගෙන යාමට රුසියාව සහ ස්විට්සර්ලන්තය ගුවන් යානා 3ක් එවයි

ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටින විදේශිකයින් ගෙන්වා ගැනීම සඳහා රුසියාව සහ ස්විට්සර්ලන්තය අද 27 ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මෙම ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණියේ මගීන් රහිතවය. පවත්නා තත්ත්වය මත හෝටල් වල රැඳී සිටින සංචාරකයින් තම රට වලට ගෙන්වා ගැනීම සඳහා මෙසේ ගුවන් යානා එවා තිබේ.

තම රට වලින් කළ දැනුම්දීම පරිදි විදේශීය සංචාරකයින් විශාල පිරිසක්ද අද 27අලුයම වන විට ගුවන් තොටුපළ කරා පැමිණ සිටි බව එහි ප්‍රකාශයෙක් කීය.

සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා තවත් ගුවන් යානයක් අද 27 සවස කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබිණි .

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා ගුවන් තොටුපළ පර්යන්තයේ පසෙක නවතා තිබුණ අයුරුද ඡායාරූප වල දැක්වෙයි.

Related posts

ගොඩවායේ ධීවරයෝත් විරෝධයක්

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්

colombotoday

පාසල් වෙලාවේදී ටියුෂන් පන්ති තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ජනාධිපති මාධ්‍ය අංශයෙන් භික්ෂුන් වහන්සේලාට එරෙහිව “මඩ” ව්‍යාපාරයක්

colombotoday

බේරුවල පොලිස් ස්ථානාධිපතිට කොවිඩ්

colombotoday

රනිල්ට උපදෙස් දුන් සමාගමකට ගෙවන්න ‘රුපියල් කෝටි 12ක්’ ආණ්ඩුවෙන් ඉල්ලයි

colombotoday