Colombo Today Local News

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් කර ඇති කී සෙන් හොන්ග් ඊයේ(30) දින සවස 6.30 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.231 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඔහු නීරෝධායන සහතිකය රැගෙන පැමිණ තිබූ අතර , තානාපති කාර්යාලය තුළ තවදුරටත් ස්වයං නීරෝධායනයේ නිරත වීමට ද නියමිතය.

ඔහු පිළිගැනීමට සහ රැගෙන යෑමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්.

Admin

බැඳුම්කර ලාභයෙන් කොටසක් ඇලෝසියස්ගේ අරක්කු සමාගමට !

colombotoday

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

colombotoday

මිනීමරුවන්,කප්පම්කරුවන් කියන පලියට මං අස්‌වෙන්නේ නෑ – විජයදාස

colombotoday

මින් පසු විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට !

colombotoday

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි

Admin