Colombo Today Local News

විල්පත්තු වන සංහාරයට එරෙහි විරෝධතා ජනාධිපතිවරයා ඉලක්ක කරගත්තක්ද සැකයි – දයාසිරි ජයසේකර

විල්පත්තු වන සංහාරයක් පිළිබඳව නැගෙන විරෝධතා වැඩපිළිවෙළ  ජනාධිපතිවරයා ඉලක්ක කරගත් එකක් බවට සැකයක් ඇතැයි ද රජය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 

විල්පත්තුවේ නැවත පදිංචි කිරීම් සිදුවූයේ 2012 රාජපක්ෂ ආණ්ඩුව සමයේ යැයි ද හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඒ ගැන ප්‍රකාශයක් කර ඇතැයි ද ජයසේකර මහතා කීවේය.
 
එසේ තිබියදී සමාජ ජාලා මාධ්‍ය මගින් ව්‍යාජ පුවත් ප්‍රචාරය කෙරෙන්නේ යැයි චෝදනා කළ හෙතෙම පැහැදිළිවම එය අමු කැලෑ ගිනි තබන පන්නයේ දේශපාලන ව්‍යාපෘතියක් යැයි අවධාරණය කර කීය.
 
විල්පත්තු වනයේ මේ වනවිට කිසිදු නැවත පදිංචි කිරීමක් හෝ කැලෑ කැපීමක් සිදු නොවන්නේ යැයි ද එනිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් රජය සම්පූර්ණ කරුණු දැක්වීමක් රට හමුවේ කළ යුතු යැයි ද ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

Related posts

විමල් විරවංශ වැලිකඩ බන්ධනාගාර රෝහලට

colombotoday

හරක් කටාගේ අල්ලස් චෝදනාව! විමර්ශන TID එකට

Admin

රෙද්දේ බද්දත් ඉහළට… සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්…

colombotoday

රට වටෙන් තුවක්කු – බෝම්බ හමුවේ : පොලිස් මෙහෙයුම් දැඩි වේ

colombotoday

සයිටම් ප්‍රධානියාට වෙඩි තැබීම කුමන්ත්‍රණයක් !!

colombotoday

චාවකච්චේරි බෝම්බකරු එඩ්වඩ් ජූලියන්, ප්‍රභාකරන්ගේ සමීප සගයෙක් !

colombotoday