විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ.
පසුගිය දින කිහිපය පුරා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා සකස් කරමින් සිටි ආර් සම්බන්ධන් මහතාට විවේක ගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ද ලැබී තිබු බව ඔහුගේ පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේය.
විපක්ෂ නායකවරයා අද (22දා) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබු අතර මෙම රෝගී තත්වය හේතුවෙන් එම සංචාරය ද අවලංගු කර තිබේ.