ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක දූරය තමන් සතු කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පුළුල් විපක්ෂයක් සෑදීමට අද (12) රාත්‍රියේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී තීරණය කිරීමත් සමගම එම පක්ෂයේද සහයෝගය ලබාගෙන විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට ඇති හැකියාව මේ වන විට සොයා බලමින් සිටින බව වාර්තා වෙනවා.
එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් සැදීම සදහා එම පක්ෂයේ නායකත්වය මේ වනවිට කටයුතු කරමින් සිටියි.