Colombo Today Local News

විපක්ෂය මෙල්ල කරගෙන රාජ්‍ය පාලනය කරන හැටි මං තායිලන්ත අගමැතිටත් කියල දුන්නා – ජනපති

06-425x300තායිලන්තයේ හමුදා පාලනයට එරෙහිව විපක්ෂය දිගින් දිගටම කැරළි ගසන බැවින් එම තත්වය මගහරවාගෙන රටේ යහපාලනයක් ඇති කරන ආකාරය පිළිබදව තමන් තායිලන්ත අගමැතිවරයාට උපදෙසක් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තායිලන්තයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් කවුරු බලයට පත් වූවත් විපක්ෂය බරපතල ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සීමාවෙන් එහා ගොස් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ඇති කරන බැවින් එරට හමුදා පාලනයක් ඇතිවී තිබෙන බවත් එම නිසා මානව හිමිකම් උල්ලංගනය වීම පිළිබදව ප්‍රශ්න පැන නැගී ඇති බවත් මෙම තත්වය මගහරවා ගැනීමට උපදෙසක් දීමට බැරිදැයි තායිලන්ත අගමැතිවරයා තමන්ගෙන් විමසූ බව ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

තමන් කළ ආකාරයෙන් ප්‍රධාන පක්ෂ දෙක එකතු කර ජාතික ආණ්ඩුවක් හැදීම එම ගැටළුව මගහරවා ගැනීමට හොදම විසදුම බව තමන් තායිලන්තට අගමැතිවරයාට පැවසූ බවත් එය සැබෑවක් බව තායිලන්ත අගමැතිවරයාත් පිළිගත් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා පැවසුවේය.

ජනාධිපති සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (6) ලග්ගලදී පැවති ජන හමුවක් අමතමිනි. ප‍්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරන මහජන නියෝජිතයින් රැසක් ජනාධිතිතුමා සමඟ මෙම වේදිකාවේ අසුන්ගෙන සිටි අතර ඒ පිළිබද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ කවුරුන් කෙසේ චෝදනා කළද මේ රට ඉදිරියට ගෙනයාමට තිබෙන එකම දේශපාලන සංස්කෘතිය මෙම පූර්වාදර්ශය බවයි. දේශපාලන වශයෙන් බෙදී වෙන්වී ගහ මරාගත් යුගය නිමා කර ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එක් කර ගනිමින් නව ගමනක් ඇරඹුයේ මේ රට ඉදිරියට ගෙන යාමට බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

Related posts

ගෝඨා කඳවුර ගැන වියත්මගේ මහාචාර්ය චන්න ජයසුමනගෙන් විවේචනයක්

colombotoday

අහින්සක නිරූපමායි නඩේෂනුයි විඳින වේදනාවෙන් ගලවා ගන්නැයි ජනපතිගෙන් අයදියි

colombotoday

බේරුවල රෝගියා ඇසුරුකළ තවත් ශ්‍රී ලාංකිකයින් 4කට කො‍‍රෝනා. රෝගීන්ගේ සංඛ්‍යාව 214 දක්වා ඉහළට

colombotoday

HIV ආසාදිත කතුන් සිටි ගණිකා නිවස නැවතත් වැඩ පටන් අරන්

colombotoday

අගමැති සමග ඇතැයි කියන ආරවුල ගැන මහ බැංකු අධිපතිගෙන් පණිවුඩයක්

colombotoday

බැසිල් එජාපයේ ප්‍රබලයන් තිදෙනෙකු සමග රහස් සාකච්ඡා !

colombotoday