Colombo Today Local News

විදුලි බිල දෙගුණයකින් ඉහළට…

නෙන් දින ඉහළ යමින් තිබෙන විදුලි බල හිඟය පියවීමට පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගැනීමට රජය ගෙන ඇති තීරණය නිසා ඉදිරියේදී විදුලි බිල දෙගුණයකින් ඉහළ යනු ඇතැයි වාර්තා වේ.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබිම සහ නොරොච්චෝ‍ලේ ගල් අඟුරු බලාගාරයේ බිඳවැටීම නිසා විදුලි බල මණ්ඩලය අපේක්ෂා කළ විදුලි සැපයුම ලබාගත නොහැකි විය.

මේ වනවිට සිදුකරන විදුලි කප්පාදුව අවම කරගැනීමට ඇති එකම විසඳුම පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබාගැනීම බවත් එහිදී විදුලි ඒකකයකට රුපියල් 32.15 වැනි ඉහළ මිලක් ගෙවීමට මණ්ඩලය තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

විදුලිබල මණ්ඩලය ජනනය කරන විදුලි ඒකකයකට රුපියල් 18.25 වැයවන අතර වත්මන් විදුලි බිල මේ මට්ටමේ තබාගත හැකිව ඇත්තේ එම නිසා බවත් රුපියල් 32.15ක් වැනි මිලකට විදුලි ඒකකයක් මිලට ගැනීම නිසා විදුලි බිල දෙගුණ වීම අනිවාර්ය බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

ලක්බිම

Related posts

මුස්ලිම් ඇමතිවරු ජනපති හමුවේ – ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday

ශ්‍රී ලංකාවේ පීචංම අගමැති රනිල් – ඩිලාන් පෙරේරා

colombotoday

කැබ් රථයක ගැටී මව සහ පුතු මරුට

colombotoday

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

colombotoday

අපි ළමයින්ගේ හිත් තුලට දාන දේවල් ගැන ප්‍රවේසම් වෙන්න ඕන

colombotoday

ළමුන් අතර වෛරස් හා ශ්වසන රෝග වැඩිවීමක්

Admin