යාපනය ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දු අද (27) ලබා දීමට නියමිතව ඇත.
විද්‍යා සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකුට එරෙහිව නඩු විභාගය පැවති අතර එහි 02, 03, 04, 05, 06, 08, සහ 09 යන සැකකරුවන්ට එරෙහිව අද දිනයේ නඩු තීන්දුව ලබා දීමට නියමිතය.
යාපනය මහාධිකරණය අවට දැඩි ආරක්ෂාවක් සැපයීමටද යාපනය පොලීසිය පියවරගෙන ඇත.