Colombo Today Local News

“වැඩ කරන්න බැරිනම් මම ඇමතිකම දාල යනවා“ අලි හබය නිසා ෆොන්සේකා කණස්සල්ලෙන්…

සිංහරාජයේ අලි මිනිස් ගැටුම විසඳීමට ජනපතිවරයා තමාට සහය දෙන බව පැවැසුවද මේ දක්වා කිසිදු උපදෙසක් ලැබි නොමැති බවත් ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කිරීමට නොහැකි නම් තමා වනජීවී අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

සිංහරාජ අලි දෙදෙනා ඉවත් නොකොට සිංහරාජ තුළම රඳවා අලින්ට වෙනම ස්ථානයක් සකස් කිරීමට පසුගියදා ජනපතිවරයා පැවැසීමෙන් පසු තමා ඒ සඳහා ස්ථානයක් තෝරා ගත් බව අමාත්‍යවරයා කීය. ඒ අනුව රක්වාන ප්‍රදේශයේ පිහිටි ඩිපර්ඩින් වතුයායෙන් අක්කර 50ක භූමි භාගයක් මේ සඳහා තෝරා ගෙන ඇත.

මෙම වත්ත මේ සඳහා වෙන් කර ගැනීම සඳහා වතු සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගය ලබාදෙන ලෙස තමා ඉල්ලීමක් කළ බවද අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම මෙම අලින් සඳහා වෙන් කරන කොටුව සෑදීමට අවශ්‍ය උපකරණ සූදානම් කරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවටද තමා උපදෙස් දුන් බව ඒ මහතා කීය. මෙම ප්‍රදේශය තුළ අලි දෙදෙනා සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය අක්කර 50 භූමි ප්‍රමාණය කොටු කිරීම සඳහා මාස 3ක් පමණ ගත වන බව හෙතෙම පැවැසීය. මාස තුනක් ඇතුළතදී මෙම කාර්ය සිදු කිරීමට තමාට උපකාර නොකරන්නේ නම් තමා වනජීවී අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ඒ මහතා කියා සිටියේය. තමා ඉවත් වුවහොත් වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයාද එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කීය. ජනපතිවරයාගේ උපදෙස් තමා පිළිගත්තද ජනපතිවරයා මේ සඳහා තවම කිසිදු උපදෙසක් ලබාදී නැතැයි හෙතෙම පැවැසීය.

ලක්බිම

Related posts

රාජගිරිය රිය අනතුරට අදාලව හිටපු වැලිකඩ පොලිස් ස්ථානාධිපති අත්ඩංගුවට ගන්න නියෝග

colombotoday

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානය

Admin

බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළට

colombotoday

උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරු ජනපති සමඟ අදත් සාකච්ජාවක්

Admin

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වඩාත් සුක්ෂමව

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday