Colombo Today Local News

වැඩවර්ජනය නැවතී වෘත්තිය සමිති නායකයන් අගමැතිගේ සාක්කුවට වැටුනේ මෙහෙමයි

strike_sl

සෞඛ්‍ය ඇමැති රාජිතට සමීප ආරංචි මාර්ග අනාවරණය කළේ වැඩවර්ජනයට සියල්ල සූදානම් වෙමින් තිබිය දී රජයේ වෛද්‍ය සංගමයේ අනුරුද්ධ පාදෙණිය ඇමැති රාජිත හමුවී තිබුණු බවය. රාජිතගේ නිල නිවසේ දී රාත්‍රී ආහාරය ගන්නා ගමන් පාදෙණිය කියා තිබුණේ රජයේ වෛද්‍ය සංගමය නම් වැඩවර්ජනයට එක් නොවන බවය. කෙසේ වෙතත් ජනපති මෛත්‍රීට සමීප ආරංචි මාර්ග හෙළිදරව් කළේ තමන්ට බලයට ඒම සඳහා රජයේ වෛද්‍යවරුන්ගෙන් සියයට 90 ක් පමණම සහාය දුන් නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සුළු‍තරයක් තම නිලතල ආරක්ෂා කර ගැනීම සඳහා මේ අවස්ථාවේ ඩබල් ගේමක් ගසන බව ජනපති මෛත්‍රී දැන සිටි බවය.

මේ වැඩවර්ජන තර්ජනය අව් අස්සේ අගමැති රනිල් පාර්ලිමේන්තුවේ දී වැඩවර්ජනයකට උරදෙන පුද්ගලයන්ගේ නම් ගම් සඳහන් කරමින් වාග් ප්‍රහාරයක් මුදා හැරියේ ය. මේ කට්ටියට ඕනා හැටියට අපි අයවැය හැදුවෙත් නැහැ වෙනස් කරන්නෙත් නැහැයි කියා අගමැති රනිල් කීවේ හරකා හැරෙන්නේ තණකොළ කන්නද නැතිනම් පොල් පැළේ කන්නදැයි කියා තමා දන්නා බව කියන්නට වාගේය. කෙසේ වෙතත් අගමැති රනිල්ගේ ආරංචි මාර්ග හෙළි කළේ රනිල් 14 වන දා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට පෙර ඔහු සමන් රත්නප්‍රිය, ජෝශප් ස්ටාලින් හා බස් ගැමුණුව හමු වී සාකච්ඡා කළ බවය. ඒ සඳහා රනිල් තමන්ගේ කතාව එදින පස්වරුවට යොදා ගත් බව ද අනාවරණය වූයේය. එම සාකච්ඡාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා බැංකු සේවක සංගමයට ආරාධනා කර තිබුණ ද ඔවුන් සහභාගී වී නොතිබිණ. අගමැති රනිල් එදින පස්වරු 2 ට විශේෂ ප්‍රකාශකයක් කළේ මෙකී සාකච්ඡාවලින් පසුවය. මෛත්‍රීගේ සමීප ආරංචි මාර්ගවලට අනුව අගමැති රනිල් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට ජනපති මෛත්‍රීගේ විරෝධයක් නැත.

Related posts

හිටපු ප්‍රවාහන ඇමති ශ්‍රීලනිප සංවිධායක ධුරයෙන් අස්වෙයි.. මහින්ද ඉදිරිපිටදීම මාධ්‍යට ප්‍රකාශයක්

colombotoday

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට ත්‍රිවිධ හමුදාවට සහය ඉල්ලයි

colombotoday

මාළිගාවේ විදුලි බිල ගෙවා ගන්න බැහැ – දියවඩන නිලමේ මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දෙයි

Admin

මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් දෙදහසක දඩයක්

colombotoday

ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිපයත් අතහරී… මහින්ද එන ඡන්දයේදී ස්වාධීන වෙයි

colombotoday

අපි ව්‍යාපෘති කලාට මහජනතාව ඒ ගැන දන්නේ නෑ.. ඒක හරිම ඛේදවාචකයක්. – සගලගෙන් මාධ්‍ය අමාත්‍යංශයට චෝදනාවක්?

colombotoday