Colombo Today Local News

වාහන ආනයනයට රජයෙන් සම්බාධක… ඉදිරියේදී රට තුළ වාහන හිගයක්…

දිරියේදි වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ, රුපියල අවප්‍රමාණයවීම වැළැක්වීමට රජය අද සිට ක්‍රියාත්මක කරන නව රෙගුලාසි හේතුවෙන් ය.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රට තුළ වාහන හිඟයක් ද ඇති විය හැකි බවයි.

වාහන සඳහා කල්බදු පහසුකම් ලබා ගැනීමේදී පනවා ඇති නව කොන්දේසිවලට තම සංගමයේ දැඩි විරෝධය පළ කරන බව සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, වාහන කල්බදු සඳහා පනවා ඇති මෙම නව කොන්දේසි හේතුවෙන් රට තුළ අභ්‍යන්තර මුදල් සංසරණ ක්‍රියාවලියට බලපැම් එල්ලවීමෙන් වාණිජ බැංකු, අළෙවිකරුවන් සහ කල්බදු සමාගම් දැඩි අර්බුදයකට පත්විය හැකි බවයි.

Related posts

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

colombotoday

අපි ඉන්නේ ගිනි ගොඩක…

colombotoday

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

Admin

මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ 14ක් නිදහස්

colombotoday

සහජීවනය තකා බෞද්ධයන්ටත් ලේක්හවුසියේ නත්තල් කැරොල් අනිවාර්ය වේ !

colombotoday

මහබැංකු අධිපති බැදුම්කර කොමිසමට සාක්ෂි දෙයි.. හෙටත් කැදවයි

colombotoday