Colombo Today Local NewsCovid 19

වාතය මගින් කොවිඩ් ව්‍යාප්ත නොවේ-ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් – 19 වෛරසය වාතය හරහා ව්‍යාප්ත වන බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

එම සංවිධානයේ ගිනිකොන දිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂ පූනම් සිං ප්‍රකාශ කරන්නේ මේ වන විට කර ඇති කිසිදු පර්යේෂණයකින් වාතය හරහා වෛරසය සම්ප්‍රේෂණය වන බවට තොරතුරු වාර්තා වී නොමැති බවයි.

කොවිඩ් – 19 වෛරසය ආසාදනය විය හැක්කේ කැස්ස සහ කිවිසුම් නිසා පිටවන බිඳිති තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීම සහ සමීප ඇසුරකින් පමණි.

නිසි ලෙස දෑත් සෝදා ගැනීම, සනීපාරක්ෂාව පිළිබඳ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මගින් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් නිර්දේශ කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Related posts

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනයට අද සිට අවසර

colombotoday

ගෝඨාට එරෙහිව කොටිත් ඇමරිකාවේදී සිවිල් නඩු ගොනු කරයි. ගෝඨාගමනය නැවත්වීමට හැකි තුරුම්පු සියල්ල ගසයි

colombotoday

පදික මාරුවේදී යතුරුපැදියක ගැටී දැරිවියන් දෙදෙනෙක් මරුට.. ගැබිනි මවක් බරපතල තත්ත්වයේ

colombotoday

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Admin

13 සම්පූර්ණ බලය අපට ඕන.. හමුදා නිලධාරියාට බැන්නෙත් 13 නොදුන් නිසා – නැගෙනහිර මහඇමති

colombotoday

ඩොලරයේ අද මිල

colombotoday