Colombo Today Local News

වසන්ත සේනානායක තීරණය වෙනස් කරයි… නැවතත් රනිල් ළගට…

මහින්ද රාජපක්ෂ මහතා වෙත තම සහාය ලබා දෙන බව පැසූ වසන්ත සේනානායක මහතා සිය තීරණය වෙනස් කරමින් මොහොතකට  පවසා ඇත්තේ තමන් එක්සත් ජාතික පක්ෂයෙන් නොයන බවයි.

ඒ අනුව තමන් දිගටම එක්සත් ජාතික පක්ෂයේම සිටින බව වසන්ත සේනානායක මහතා සඳහන් කර තිබේ.

(28) රාත්‍රී අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කර ඇත.

රනිල් වික්‍රම සිංහ මහතාගේ සිට මහින්ද රාජපක්ෂ මහතා දක්වා අගමැති ධුරය හුවමාරු වන අවස්ථාව වනවිට වසන්ත සේනානායක මහතා විදේශගතව සිටි අතර තමන් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බව එම මොහොතේ සඳහන් කළද අද දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහු සඳහන් කර සිටියේ තමන් මහින්ද රාජපක්ෂමහතාට සහාය දැක්වීමට පෙර රාජපක්ෂ පාර්ශවය වෙත කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරණ බවය.

එමෙන්ම අවසන් තීරණයක් ගැනීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් සිදු කළ යුතු බවද වසන්ත සේනානායක මහතා සඳහන් කර තිබිණි.

Related posts

ලක්ෂ ගණනක වියදමින් අයවැය බජට් පාටියට 500 කට ආරාධනා

colombotoday

සෞඛ්‍ය අමැතිගෙන් ඉල්ලීමක්

colombotoday

වහබ්වාදී උලමා සංගමය ජනපතිට සුභ පතයි. එකට වැඩ කිරීමටත් සූදානම බව කියයි.

colombotoday

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

colombotoday

සන්හිදියාවට බාදාවක් යැයි පවසමින් කිලිනොච්චියේ යුධ සැමරුමක් ඉවතට…!!

colombotoday

ජනතාව දකින තරම් සතුටක් මේ පුංචි ප්‍රේමදාසට නෑ

colombotoday