Colombo Today Local News

ලෝක සාමය රැකගන්න ජනපති මෛත්‍රීගෙන් උදව්

ලෝක සාමය ආරක්ෂා කිරීම සදහා ලංකා ඕනෑම උදව්වක් දීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ සමස්ත න්‍යෂ්ටික අවිහරණ ප‍්‍රඥප්ති සංවිධානයේ (CTBTO) නියෝජිත පිරිසක් ඊයේ (05) ජනාධිපති නිල නිවසේ දී හමුවූ අවස්ථාවේදී ය.

නොවැම්බර් 29 දින සිට දෙසැම්බර් 05 දින දක්වා දඹුල්ල කණ්ඩලම හෝටලයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක සියයකට ආසන්න නියෝජිත පිරිසක් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු වැඩමුළුව අතරතුර මෙම නියෝජිත පිරිස ජනාධිපතිවරයා මුණගැසී ඇත.

ලෝකයේ කවර තැනක හෝ න්‍යෂ්ටික පිපිරවීම් නතරකිරීම මෙම සංවිධානයේ අරමුණ වන අතර ශ‍්‍රී ලංකාව ඇතුඑ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 185 ක් පමණ මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

සංවිධානයේ කටයුතු වෙනුවෙන් සම්පූර්ණ අනුකූලතාවය දැක්වීමේ වැදගත්කම පිළිබ`දව නියෝජිත පිරිස ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ලෝක සාමයට කැපවූ රටක් ලෙස ශ‍්‍රී ලංකාව මේ සදහා සියලු සහයෝගය ලබාදෙන බවට ජනාධිපතිතුමා නියෝජිත පිරිස අමතා සඳහන් කළේය.

 

Related posts

මාර්ග අනතුරකින් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂකයින් දෙදෙනෙකුට තුවාල

colombotoday

“ගොවි සමුළුවට කීයක් ගියත් කමක් නෑ.. මේක සැණකෙළියක් නෙවෙයි” – ජනපති

colombotoday

ඖෂධ මගඩිය හෙළිදරව්වෙන් ඇමති පුතා කිපෙයි.. මරණ තර්ජණ !

colombotoday

නාවික හමුදා යාත්‍රා දෙකක් එකිනෙකට ගැටී සෙබළකු අතුරුදහන්… දෙදෙනෙක් රෝහලේ

colombotoday

IMF ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි

Admin

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ අධිකරණයට

Admin