රුසියාව සතු ICBM (intercontinental ballistic missiles) ප්‍රහාරයකට මුහුණ දීමට ලෝකයේ කිසිදු රටක් සමත් නොවන බව රුසියානු හමුදාවේ මිසයිල අංශයේ ප්‍රධානියා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද නිවේදනය කර සිටියා.
ලොව බලවත්ම මිසයිල ආරක්ෂණ පද්ධතිය සතු ඇමරිකා එක්සත් ජනපදයටත් මෙම මිසයිලයට මුහුණදීමට නොහැකි බවයි ඔහු ප්‍රකාශ කර සිටින්නේ.
මේ අතර ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් සදහන් කරන්නේ ලොව බලවතාගේ ස්ථානය ක්‍රමයෙන් ඇමරිකාවෙන් ගිලිහී එම ස්ථානයට රුසියාව පැමිණෙන බවයි.