33 C
Colombo
8 April 2025
World

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 50 ඉක්මවයි

ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා තිබේ.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් අද උදෑසන නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50,675,047ක් බවයි.වෛරසය වැළඳීම හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව 1,260,746කි.

කෙසේ වුවද බොහෝ රටවල් වලින් නිවැරදි තොරතුරු වාර්තා නොවීම නිසා සහ ප්‍රමාණවක් පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුනොවීම නිසා සත්‍ය සංඛ්‍යාව මීට වඩා බොහෝ සෙයින් වැඩි අගයක් වියයුතු බව ද විද්‍යාඥයෝ පවසති.

මෙම වසර මුලදී වෛරසයේ පළමු රැල්ලේ කේන්ද්‍රස්ථානය බවට පත්වූ යුරෝපය දෙවන රැල්ලේදීත් රෝගීන් වැඩිපුර වාර්තා කරමින් තිබේ.

මේ වනවිට යුරෝපයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛයාව මිලියන 12.5 ඉක්මවා ඇති අතර මරණ 305,700ක් සිදුවී තිබේ.

ලොවපුරා ආසාදිතයන්ගෙන් පහෙන් එකක් බවට පත්වෙමින් ඇමරිකාවෙන් පමණක් ආසාදිතයින් 10,287,061ක් වාර්තා වී තිබේ.

Related posts

ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාරයක්…!!! – Live

colombotoday

චීනය ට්‍රම්ප්ට පෙනය පුප්පයි

Admin

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

colombotoday

කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි

colombotoday

කුණු මල්ලක දමා තිබූ බිළිඳියක් රැකගත් සුනඛයා

Admin

ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලා

colombotoday