Colombo Today Local News

ලොරියක ගැටී 11 හැවිරිදි දැරියක් මරුට

රාගල පොලිස් වසමේ වලපනේ ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර 70 කණුව අසල දී සිදුවු රිය අනතුරකින් 11 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (16)දින සවස 3.30ට පමණ එම අනතුර සිදුව ඇත.

මාර්ගය හරහා ගමන් කළ දැරියක් රාගල දෙස සිට වලපනේ දෙසට ධාවනය වු ලොරි රථයක ගැටී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අනතුරින් බලරපතළ තුවාල ලැබු දැරිය නුවරඑළිය රෝහල ට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂවයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ සූරියකන්ද, රාගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

රාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පොලිස් නිලධාරින් පනස් පන් දහසක් පාරට

colombotoday

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් ආනයනය තහනම් කරමින් අද රාත්‍රියේදී ගැසට්ටුවක්

colombotoday

“දූෂණ, වංචා පරීක්ෂණ පක්ෂග්‍රාහීයි“ – ජනපතිගෙන් නැවතත් ප්‍රහාරයක් !

colombotoday

ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර… නැවතුණු දුම්රිය යළි ධාවනය…

colombotoday

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිරදී

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

colombotoday