රුපියල් ලක්ෂ 10 ට අධික වටිනාකමින් යුතු, නීති විරෝධී ගබ්සා පෙති තොගයක්
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් බම්බලපිටියේ ඖෂධ අලෙවිහලකින් අද (30)
පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම අධිකාරිය පවසයි.
මෙම ස්ථානය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් හා පොලිසිය එක්ව මෙම වැටලීම කර තිබුණි.
මෙය බලපත්රලාභී ඖෂධ අලෙවිසැලක් බවත්, සැකකරු සෙසු ඖෂධ අලෙවි කරන අතර ගබ්සා පෙති අලෙවි කර ඇති බවත් එම අධිකාරිය පවසයි.
මෙම ගබ්සා පෙති රුපියල් 8,000- – 10,000ත් අතර මුදලකට අලෙවි කර ඇතැයිද අනාවරණය වී තිබේ.