Colombo Today Local News

රුපියල් මිලියන 63 ක කේරල ගංජා තොගයක් වෙත්තලකේනි මුහුදු සීමාවේදී අල්ලයි

යාපනය වෙත්තලකේනි මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 63 කට අධික වටිනා කේරල ගංජා කිලෝ 213 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් වෙත්තලකේනි මුහුදු තීරයේ දී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය වීමෙන් පසුව අදාල යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇති අතර එහිදී ගංජා බෑග් 8 ක් තුළ පාර් සල් 98 ක කේරල ගංජා තොගය අසුරා තිබුණි.

එහිදී ඩිංගි යාත්‍රාව හා යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

කේරල ගංජා තොගයන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු තීරයට රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වූ බවට නාවික හමුදාව පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 ත් 41ත් පසුවන අතර ඔවුන් යාපනය උඩුතුරෙයි හා අලියාවරෙයි යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන්ය.

ඔවුන් හා කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙතට බාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

Related posts

කුසලට අල්ලස් දෙන්න හැදුවේ නිරුපිකාවන් ලබා දෙන සෙල්ලක්කාර ධනපතියෙක් – Photos

colombotoday

නීතිපති නිර්දේශ තාම නෑ.. බුද්ධාගමට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ නඩුවෙන් ෂේප් වෙන්න ඉල්ලයි !

colombotoday

විමල්ගේ මීළග පිම්ම මෛත්‍රී ළගටද.. පොළොන්නරුවේ බණ්ඩක්කා හොදයි (Video)

colombotoday

ඡන්ද පොරොන්දු ඉටු කරන්න අසීරු තත්ත්වයක්

Admin

ගෝඨාභය දිනනවාමයි – ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි ගණනක ඔට්ටුවක්

colombotoday

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළට

Admin