Colombo Today Local News

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට කලයුතු දේ ගැන මෛත්‍රී කතා කරයි

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රටේ සංවර්ධනය සඳහා ඉදිරි මාස 04 තුළ මෙම වැඩපිළිවෙළ ඉතා වැදගත් වන බවත් හිටපු ජනපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(27)දින පාර්ලිමේන්තුවේ පැවති අතුරු සම්මත ගිණුම පිළිබඳව විවාදයට එක්වෙමින්.

මේ වන විට රාජ්‍ය සේවය ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර උපාධිධාරී රැකියාගත කිරීමේ වැඩපිළි‍වෙළ යටතේ තවත් උපාධිධාරින් බඳවා ගනිමින් සහ රාජ්‍ය සේවයේ සුළු සේවකයන් ලක්ෂයකට රැකියා ලබා දීමට පියවර ගෙන ඇත. මොවුන් රටේ සංවර්ධනයේ ප්‍රධාන බලකාය බවද ඒ මහතා සඳහන් කළා.

Related posts

කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනී

colombotoday

පූන්තොට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 5 ක් පළා යයි

Admin

ඉතිහාසයේ අවසානය අභියස සංඝරාජ පරපුර

colombotoday

දේශපාලන අලකලංචි මැද ආණ්ඩුව සතියක් තුළ මිලියන 14,000ක් ණය වෙයි

colombotoday

“තෙල් බවුසරයට ගිනි තිබ්බ නම් අද රඹුක්කනක් නෑ… පොලීසිය තමන්ට ඇති බලතල අනුව කටයුතු කළා.”

colombotoday

හිටපු ජනපති නුදුරු දිනකදී ලංකාවට

colombotoday