Uncategorized

රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක්

රාජ්‍ය සේවයේ මූලික වැටුප පහළ ම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියලු ම රාජ්‍ය සේවා වෘත්තිකයන්ට 24% සිට 50%ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දමන බව වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා පැවසීය.

සියලු ම රාජ්‍ය සේවකයන්ට පවතින උද්ධමනය හා ආර්ථික සාධක සැලකිල්ලට ගෙන පාදක වසර ලෙස 2025 ජනවාරි මාසයේ සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000 බැගින් ලබා දීමට ද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුව යෝජනා කර ඇතැයි හෙතෙම සඳහන් කළේ ය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා භාණ්ඩාගාර එකඟත්වය ඊට ලැබී ඇතැයි පැවැසූ සෙනෙවිරත්න මහතා නව සංශෝධනය සමග රාජ්‍ය සේවයේ පහළ ම සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 30,000ක් වන බව ත් ජීවන වියදම් දීමනාව ද සමග මුළු වැටුප රුපියල් 55,000ක් වන බව ප්‍රකාශ කළේ

Related posts

The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – පළමු කොටස

colombotoday

තව්හිද් ජමාත් ත‍්‍රස්තයෝ 1000 ක් ශ‍්‍රී ලංකාවේ : රට පුරා කඳවුරු 17 ක පුහුණුව ලබලා

colombotoday

තවත් ඇමතිවරු 02 ක් සහ රාජ්‍ය ඇමතිවරුන් 05 ක්

colombotoday

ට්‍රම්ප් ද, කමල ද ඇමරිකානු ජනාධිපතිවරණය අදයි

Admin

පවිත්‍රාට කැපිල්ලක්

Admin

වනිදුගේ 100 වන කඩුල්ල

Admin