Colombo Today Local News

රනිල් එලවන විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ දෙවනි අත්සන සුසිල්ගෙන්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාව සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශවයේ දෙවැනි අත්සන තැබීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සුදානම් බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට අමතරව ශ්‍රීලනිපය නියෝජනය කරන තවත් ජේෂ්ට අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විශ්වාසභංගය සඳහා සහය ලබාදීමට අපේක්ෂාවෙන් පසුවන නමුත් විශ්වාසභංගයට පක්ෂයක් ලෙස පොදුවේ සහය පලකිරීමේ සුදානමක් තවමත් නොමැති බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මේ අතර අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වසභංග යෝජනාව සදහා තමත් අත්සන් කළ බව රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පෙරේදා මාධ්‍ය වෙත කියා සිටියේය.

Related posts

ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය නැහැ… ආර්ථිකය නංවන්න ඝෘජුව මැදිහත්වෙන්න – සාගර ජනපතිගෙන් ඉල්ලයි

Admin

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

“පසු බසින්නේ නෑ : මවුබිමට ඇවිත් ජනතා පැතුම් ඉටු කරනවා”

colombotoday

අගරදගුරුතුමාගේ “යූ ටර්න්“ එකට දිවැසිවරු මවිත වෙයි…

colombotoday

colombotoday

නෙලුම් පොකුණෙන් සජිත්ගේ සමගි ජන බලවේගය ඇරඹෙයි

colombotoday