Colombo Today Local News

යෝෂිතගේ ඩේසි ආච්චිට අධිකරණයෙන් අද දුන් නියෝගය !

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හෙවත් FCID යට ප්‍රකාශයක් ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස් ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (22) නියෝග කළේය.

රු මිලියන 50ක් පමණ වටිනා දෙහිවල මිහිඳු මාවතේ පිහිටි නිවසක් සහිත ඉඩමක් යෝෂිත රාජපක්ෂ විසින් ඩේසි ෆොරස්ගේ නමට මිලට ගෙන ඇති බවට හා ඒ සඳහා මුදල් ලැබුනේ කෙසේද යන්න පොලිස් පරීක්ෂණ පැවැත්වේ.

FCID ය අධිකරණයට අද කියා සිටියේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඩේසි ෆොරස්ගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බවයි. මෙතෙක් පරීක්ෂණ ප්‍රතිපළ නීතිපතිවරයා වෙත යැවූ බවත් ලැබෙන උපදෙස් මත ඉදිරි කටයුතු අධිකරණයට වාර්තා කරන බවත් ඔවුන් අධිකරණයට කියා කියා සිටියේය.

ඒ අනුව එතෙක් නඩුව බහා තැබීමට අධිකරණය තීරණය කළේය.

Related posts

චීන තානාපති සහ විපක්ෂ නායක අතර හමුවක්

colombotoday

අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු විය යුතුයි – ජාතික හෙළ උරුමය

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක

colombotoday

පල්ලියේ බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනපති මෛත්‍රීගේ මාධ්‍ය අධ්‍යක්ෂ ඕෂල හේරත් ගේ පියායි.

colombotoday

කාත්තන්කුඩියේ තියන්නේ වහාබ් පාලනයක්… රටේ අනෙත් පළාත්වල නීති මෙහෙ බෑ… විරුද්ධවුනොත් මරා දමනවා – එච්.ඇම්. අමීර්

colombotoday

රාජ්‍ය නිලධාරීන් හිතූ හිතූ විදිහට මාරුකරන්න පටන් අරන්

Admin