Colombo Today Local News

යළිත් අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල විය හැකියි – ඥානසාර හිමිගෙන් අනතුරු ඇඟවීමක්

යළි අනපේක්ෂිත ප්‍රහාරයක් ඉදිරි කාලය තුලදී එල්ල වීමට නියමිත බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම්  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, ඇඹිලිපිටියේ පැවැති උත්සවයකට එක්වෙමින්. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසීය.

“පසුගිය සතියේ ඉරිදා ජාතික පුවත්පත් වාර්තා කරලා තිබුණා, 

“මාවනැල්ලේ බුදුපිළිම කඩපු කල්ලියට නායකත්වය දීපු මවුලවිවරයෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ අපේ සැලැස්මක් තිබුණා, ලංකාවේ පළාත් 9ටම පහර දීලා ආරම්භ කරන සන්නද්ධ ක්‍රියාවලිය වැඩිදියුණු කිරිමෙන් 2027දී මේ රට අල්ලගන්න.”

ඉදිරියේදී තව ප්‍රහාර මාලාවක් එන්න නියමිතයි. 

ඒක මේ කොයි ආණ්ඩුවක් ආවත් මම හිතන්නේ නැහැ නවත්ත ගන්න පුළුවන් කියලා මේ යන විදියට ඉදිරියේදී. 

මොකද ඔවුන් ඉතා සන්නද්ධයි රට ඇතුලේ. 

ඉතින් බැරිවේලාවත් හදිසි අනපේක්ෂිත ප්‍රහාරයක් දෙකක් එල්ල වුණොත් සහරාන්ගේ ප්‍රහාරය වගේම තමයි ඉදිරියේදීත්.

එහෙම කරන්න නියමිතයි. විශාල ප්‍රමාණයක් සල්ලි මේ රටට ඇවිල්ලා තියෙනවා.ඩොලර් බිලියන ගණනාවක්. 

ඒ සල්ලි කොහොමද රටට ආවේ? ඒ සල්ලි මොකටද එන්නේ? සංවිධානාත්මක ආක්‍රමණයක් රට ඇතුලේ. 

අපි මේ 14 වැනිදා විශේෂ තරුණ සමුළුවක් තියන්න තීරණය කරලා තියෙනවා නුගේගොඩදී. 

එතැනදී අපි රටේ පොදු මහජනතාව විශාල බලාපොරොත්තුවකින් ඉන්නවා මේ ජනාධිපතිවරණයේදී අපි මොකද කියන්නේ? 

හාමුදුරුවරු මොකද කියන්නේ, මොකද අපි කියපු දේවල් සත්‍ය වුණා. 

ඉතින් මේ 14වැනිදා බලාපොරොත්තු වෙනවා අපේ මතය රටට කියන්න, මිනිස්සු පෙළගස්වන්න. 

ජනාධිපතිවරණයේදී අපි මොකක්ද කරන්න ඕනේ? 

මහමැතිවරණයේදී අපි මොකක්ද කරන්න ඕනේ? 

අපි හිතනවා මේක සිංහලයන්ට තියෙන අවසාන අවස්ථාව. 

ජාතියක් විදියට රැකෙනවද? ජාතියක් විදියට වැනසෙනවද කියලා අපේ පැවැත්ම තීරණය වෙන්නේ මේ මැතිවරණ දෙකෙන්.”

Related posts

“අම්මට ආදරය කරනව වගේ මව්බිමට ආදරය කරන්න අපේ දරුවන් හුරුකළ යුතුයි” – හිටපු ජනපති

colombotoday

රනිල් වගඋත්තරකරුවෙකු කරයි

Admin

වියළි කහ තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

colombotoday

කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට ඥානසාර හිමිගෙන් පොලීසියට ආරක්ෂිත ඇඳුම්

colombotoday

රටම කලුවරේ මුදල් ඇමැති කරන්නේ මොනවාද. තෙල් ටැංකි සියල්ලම ඉන්දියාව උකස්කරලා

colombotoday

සොත්ති උපාලිගේ පුතෙක් වැඩට බහියි. – අයිස් සමග අත්අඩංගුවට

colombotoday