Colombo Today Local News

යහපාලන මාධ්‍ය නිදහස රෙද්දපල්ලෙන් බේරේ – සත්හඩ මාධ්‍යවේදීන් හතර වෙනි තට්ටුවට!!

sathhadact

මාධ්‍ය නිදහස දිවි හිමියෙන් ආරක්ෂා කරන බවට සතර අතේ දිව්රා පොරොන්දු දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව, මාස 11 ක් ඉක්ම යත්ම එකී පොරොන්දු අමු අමුවේ කඩ කරමින් මාධ්‍ය නිදහස පාවා දෙමින් පුවත්පතක පලවූ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ‘සත්හඬ’ පුවත්පතේ කතෘ, පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න හා සත්හඬ නියෝජ්‍ය කතෘ හා ‘ලංකා ඩේලි’ වෙබ් අඩවියේ කතෘ සුභාෂ් වීරතුංග ජයවර්ධන හෙට (10) උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවන තට්ටුවට කැඳවා තිබේ.

මෙසේ මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට හේතු වී ඇත්තේ ‘ඇවන්ගාඩ්’ සමාගමේ ප්‍රධානී විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු විසින් අමාත්‍යවරුන් පිරිසකගේ ඊනියා කීර්ති නාමයන්ට අපහාස වන ආකාරයෙන් ලිපියක් පලකිරීම සම්බන්ධවය. මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවමින් ලිපිය සකස්කොට තිබෙන්නේ ‘සත්හඬ’ නියෝජ්‍ය කතෘ සුභාෂ් ජයවර්ධන මහතා විසිනි.

මෙම ලිපියෙන් තමන් ඇතුළු තවත් ඇමතිවරු දෙදෙනෙකුට අපහාස කළ බවට අමාත්‍ය රාජිත සේනාරත්න විසින් පසුගියදා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඇමතිවරයාගේ එම පැමිණිල්ල මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද කැඳවීමක් අනුව ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ (08) එහි ගොස් පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබිණ.

සේනාධිපතිගෙන් ප්‍රශ්න කරමින් සිටින අතරවාරයේ රාජිත සේනාරත්න ඇමතිවරයා හත් අට වතාවක්ම දුරකතන ඇමතුම් දෙමින් සේනාධිපතිව කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කොට තිබේ. එවිට CID නිලධාරීන් අමාත්‍යවරයාට ප්‍රකාශිතවම සඳහන් කොට ඇත්තේ ‘ඇමතිතුමා අපිට අපේ වැඩේ කරන්න ඉඩ දෙන්න. සේනාධිපති කියන්නෙ නසරානියෙක්. ඇමතිතුමාල කියන විදිහට නටන්න ගිහිල්ල අපිට නතර වෙන්න වෙන්නෙ සුප්‍රීම් කෝට් එකේ. අඩුගානෙ නීතිපතිවත් අපට පෙනී හිටින්නෑ. අන්තිමට පුංචි එවුන්ට කන්ඩ බොන්ඩ දෙන්න තියෙන හිඟන පඩියෙන් තමයි නීතිඥ ගාස්තු ගෙවන්න වෙන්නෙ. ඒ වෙලාවට ඔබ තුමාල අහක බලාගෙන ඉදීවි’ යනුවෙනි.

ඇමතිවරු පොලිස්පතිවරයා වෙත ඉදිරිපත්කල පැමිණිල්ල,

latter

Related posts

සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන්න – ජනපති පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday

මිනිස්සු ඉල්ලන්නේ ඥානසාර හාමුදුරුවෝ. | රතන හිමි බෞද්ධයා නැතිකරන කුමන්ත්‍රණයක.

colombotoday

20 අද පාර්ලිමේන්තුවට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගත් රුපියල් මිලියන 56ක්

colombotoday

අර්චුනාට යාපනය රෝහලට යා හැක්කේ රෝගියෙකු ලෙස පමණයි

Admin

නව මැතිවරණ පනතට අනුමැතිය

Admin