Colombo Today Local News

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල අසළ සිටින තැරැව්කරුවන් අත්අඩංගුවට ගන්න උපදෙස්

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාලය අසළ සිටින තැරැව්කරුවන්ගෙන් සිදුවන විවිධ හිංසා පිළිබඳව තමා වෙත පැමිණිලි ලැබී ඇති බව මඟී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට ඊයේ (09දා) පෙරවරුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදුණි.

එහිදී අමාත්‍යවරයාගේ අවධානයට ලක්වූ කරුණක් වූයේ මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් ශාඛා කාර්යාලය අසළ තැරැව්කරුවන් විශාල පිරිසක් රැඳී සිටින බවයි.

මෙම තැරැව්කරුවන් විශාල පිරිසක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් තම කටයුතු කර ගැනීමට පැමිණෙන මහජනතාව හිංසාවට හා පීඩාවට පත් කරමින් සිටින බවත් ඔවුන් හොර මුද්‍රා යොදා ගනිමින් හොර සහතික නිකුත් කරන බවත්, ඒ සඳහා විශාල ලෙස ගාස්තු අයකරන බවත් මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මේ වංචනික පුදල්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට ආරක්ෂක අංශවලට පැමිණිලි කරන ලෙසට උපදෙස් දුන් අමාත්‍යවරයා දිස්ත්‍රික් කාර්යාල අසළද මෙලෙස රැඳී සිටින තැරැව්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසද ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීම් කරන බව පැවැසීය.

එමෙන්ම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් බලාපොරොත්තුවෙන් පැමිණෙන ජනතාවගෙන් තමා ඉල්ලා සිටින්නේ මෙම වංචනික තැරැව්කරුවන්ට හසු නොවන ලෙසත් අවශ්‍ය කාර්යය සඳහා සෘජුවම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී තම කටයුත්ත කරගන්නා ලෙසත්ය. ඒ සඳහා අවශ්‍ය උපදෙස් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

මසකට රුපියල් 3850කින් ජීවත් වූ මවක් දිවි නසාගෙන?

Admin

ඉපදී දින දෙකක කුළුදුල් බිලිඳා කොරෝනා බිලි ගනී

colombotoday

තව අවුරුද්දකින් ගෑස් සිලින්ඩරේට රට බාරගන්න වෙනවා

Admin

චන්ද්‍රිකා පොදුජන සන්ධානයට එක්කර ගැනීමට සාකච්ඡා.. ඉහළ තනතුරක් !

colombotoday

ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයෙන් දුම්රිය ගමන්වාර 5ක් අවලංගු‍යි

Admin

වැල්ලම්පිටිය ගින්නෙන් පරිප්පු ගබඩාවට හානියක් නෑ

colombotoday