Colombo Today Local News

“මෛත්‍රීට දිනන්න බෑ” – මහින්ද රාජපක්‍ෂ නිමල් සිරිපාලට කියයි

මීළඟ ජනාධිපතිවරණයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජයග්‍රහණය කල නොහැකි බව විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසූ බව දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.

හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය අවස්ථාවේදී නිමල් සිරිපාල සිල්වා මහතා මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර ඊට පිළිතුරු ලෙස “මෛත්‍රීට දිනන්න බෑ” යැයි පිළිතුරු ලබා දී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා විසින් මීළඟ ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නම යෝජනා කිරීමෙන් පසු “දේශපාලන අර්බුද නිර්මාණය නොකරන්න” යනුවෙන් නිමල් සිරිපාල සිල්වා හිටපු අමාත්‍යවරයා දුමින්ද දිසානායක මහතාට පැවසූ බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

සියලුම බස්වලට CCTV සවි කරන්න පියවර

Admin

නොරෝච්චෝලේ හදිසි බිඳ වැටීමක්

colombotoday

ඊ පාස්පෝර්ට් ක්‍රමවේදය නතර කරන්නේ නෑ

Admin

බෙල්ලන්විල පෙරහරට මාර්ග රැසක් වැසෙයි… විකල්ප මාර්ග භාවිත කරන

Admin

සංහිඳියාවේ ක්‍රියාකාරී සැලැස්මට අදාළ නීති කෙටුම්පත් කිරීම් කඩිනම් කරන්නැයි,ජනපතිගෙන් උපදෙස්

Admin