Colombo Today Local News

මේක ඇමරිකන් කොළණියක් කරගෙන… තව ඔබාමා විතරයි අඩු – ඩලස්

dullasවත්මන් රජය බලයට පත්වීමෙන් පසු මේ දක්වා කාලය තුළ අමෙරිකානු නියෝජිතයින් කිහිප දෙනෙකුම පැමිණ ඇති බවත්, පැමිණ නැත්තේ එරට ජනපති බැරක් ඔබාමා පමණක් බවත්, ඔහු පෙන්වාදුන්නේය. මේ ආකාරයට අමෙරිකානු නි‍යෝජිතයින් වෙනත් කිසිදු රටකට යාම් ඊම් නොකරන බවත්, මේවන විටත් අමෙරිකානු නි‍යෝජිතයෙක් ලංකාවේ සිටින බවත්, පැවසූ මන්ත්‍රීවරයා මෙවර සකසා ඇත්තේද අමෙරිකානු අය වැයක් බවත් කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට ලබාදී ඇති කාලය අඩු කර ඇති බවද පෙන්වාදුන් මන්ත්‍රීවරයා යූඑන්පී ආණ්ඩුව පළවා හැර සන්ධාන ආණ්ඩුවක් බිහිකර ගැනීමට අවශ්‍ය නම් 19දා අය වැයට විරුද්ධව ඡන්දය දෙන්නැයිද පැවසීය.

මාධ්‍ය හමුව ඇමතු හිටපු අමාත්‍යවරයෙකු වූ මහචාර්ය තිස්ස විතාරණ කියා සිටියේ 2016 අය වැයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට මුදල් වෙන් කිරීම ගැන සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ ගැන නොසොයා පෙර වසර වලදී එකී අමාත්‍යංශවල වියහියදම් ගැන සොයන බවයි.

2003 අය වැයේම කාබන් කොපියක් ලෙස මෙම 2016 අය වැය සැලකිය හැකි බව එම මාධ්‍ය හමුවට එක්වූ පා.ම රංජිත් ද සොයිසා පැවසීය.මාධ්‍ය හමුව ඇමතු ජානක ප්‍රියන්ත වක්කුඹුර මන්ත්‍රීවරයා කියා සිටියේ අය වැයෙන් ගොවියාට සහන නැති බවයි. විරෝධතා හමුවේ මෙවර අය වැය සංශෝධන වූ බවත්, ගොවීන්ද ඉදිරියේදී පාරට බසිනු ඇති බවත්, හෙතෙම පැවසීය.

Related posts

සමගි ජන බලවේගය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

“ජනමත විචාරනයකට යන අලුත් ව්‍යවස්ථාවකට මෛත්‍රීට ජනවරමක් නෑ“ – එස් බී

colombotoday

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට – විදේශිකයෙකුත් ඒ අතර

Admin

අනුරගේ වශී බෝලේ බලවත්

Admin

4.00 ට පෙර අධිකරණයේ පෙනී සිටින්න. අධිකරණය මගහැර සිටින රවී කරුණානායකට නියෝග

colombotoday

පිටකොටුව මගේ බලකොටුවක් – ෆයිසර් මුස්තාපා

colombotoday