Colombo Today Local News

මේ ආණ්ඩුව ආ දවසේ සිට දිනකට අක්කර 07 බැගින් වනාන්තර කපනවා – රුවන් විජයවර්ධන

නව ආණ්ඩුව පත් වූ දා සිට අද දක්වා දිනකට වනාන්තර අක්කර හත බැගින් විනාශ කර ඇතැයි පරිසර සංවිධාන තහවුරු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.

මෙරට ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමට පුරවැසියන් ලෙස සියලුම දෙනා එක්විය යුතු බවද ඔහු කියා සිටියේය.

නියෝජ්‍ය නායකයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ විසින් සංවිධානය කළ ‘පරිසර හඬ’ වැඩසටහනකට එක්වෙමිනි.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය රටම දුටු බවත් පරිසර විනාසය දැන් මෙරට ලොකුම මාතෘකාවක් බවට පත්වී ඇති බවත් ඔහු කියා සිටියේය.

Related posts

ආණ්ඩුවට බහුතරය අහිමිවුණොත් TNA සහය ආණ්ඩුවට… උපදෙස් බටහිර තානාපති කාර්යාලවලින්…

colombotoday

කතක් තුවායක සඟවා බන්ධනාගරයට යවන්න හැදූ හෙරොයින්

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කරයි

Admin

සෞඛ්‍ය ලේකම් වෘත්තීය සමිති හදිසියේ කැඳවයි

Admin

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

Admin

මන්නාරමදී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday