Colombo Today Local News

මෙරට තරුණයන් 50ක් පරිගණකත්‍රස්තයන් භාරයේ අපා දුක් විඳී

පරිගණක ආශ්‍රිත රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මියන්මාරය වෙත ගෙන ගොස් සන්නද්ධ කණ්ඩායමක් යටතේ දැඩි දඬුවම් ලබාදෙමින් පරිගණක අපරාධ කටයුතුවල යොදවා ඇති මෙරට තරුණ තරුණියන් 50කට අධික් පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.

එහි සිරවී සිටින එම තරුණ තරුණියන් පවසන්නේ පරිගණක අපරාධ සම්බන්ධව යුරෝපය සහ ඇමරිකාව එරට ජනතාව දැනුවත් කිරීම නිසා එම ජාවාරම සඳහා පුද්ගලයින් හසුකර ගැනීමට අපහසු වීම මත ඔවුන් සන්නද්ධ කණ්ඩායමේ දැඩි දඬුවම්වලට ලක්වෙමින් සිටිනා බවයි.

එම හේතුවෙන් බලහත්කාරයෙන් පරිගණක අපරාධවල යොදවා සිටින ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් පිරිසට තම දෛනික ඉලක්ක සම්පූර්ණ කිරීමට නොහැකි බව ඔවුන් පවසයි.

ඔවුන් පවසන්නේ දිනකට පුද්ගලයින් තිදෙනෙක් එම පරිගණක අපරාධ ජාවාරම් සඳහා හසුකර ගැනීම ඔවුනට ලැබී ඇති ඉලක්කය බවත් ඒ සඳහා ඔවුන් අඛණ්ඩව පැය 16ක් වැඩ කළ යුතු බවත්‍ ය.

එම කාලය ඇතුළත අදාළ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වන ශ්‍රී ලාංකිකයන් ඉතා දරුණු වද බන්ධනයන්ට ලක් කරන බව ඔවුන් පවසයි.

මියන්මාරයේ ස්ථාන 3ක මෙලෙස ශ්‍රී ලාංකික තරුණ තරුණියන් රඳවා සිටින බව සඳහන්, මාධ්‍ය විසින් දිගින් දිගටම කරන ලද අනාවරණයන්ගෙන් පසුව මෙලෙස රඳවා සිටි තරුණ තරුණියන් 8 දෙනෙක් මුදාගත් නමුත් තවත් 50කට අධික පිරිසක් මෙලෙස සන්නද්ධ කණ්ඩායම් ග්‍රහණයේ සිටිනා බව සඳහන්.

Related posts

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළේ ඇයි.. හේතුව 17 හැවිරිදි සිසුවා මෙසේ කියයි

colombotoday

සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව

colombotoday

අජිත් රෝහණ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම කල්යයි

Admin

කසළ තේ තොගයක් වෙලම්බොඩදී අල්ලයි

colombotoday

ධාවනය වෙමින් තිබූ වෑන් රථයෙන් ඇඳ වැටී පෙර පාසල් දරුවෙක් මරුට

colombotoday

කිරුළපන මාර්ගය ජලයෙන් යට වෙයි

colombotoday