Colombo Today Local News

මෙරට අක්කර ලක්ෂ 12ක් අල්ලන ඇමරිකානු මෙහෙයුමක්… ප්‍රධාන කාර්යාලය අරලියගහ මන්දිරය ඇතුළේ – නිළ ලිපියෙන් සියල්ල හෙළිවේ…

දිස්ත්‍රික්ක හතක් හරහා දිවෙන, අක්කර ලක්ෂ 12ක් අත්පත් කරගන්නා ඇමරිකානු නීතිය ක්‍රියාත්මක ‘ආර්ථික කොරිඩෝවක්’ ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ සැලසුම් සකස් කෙරෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නැමැති ඇමරිකානු රාජ්‍ය ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය අරලියගහ මන්දිරය තුළ පවතින බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ලිඛිත සාක්ෂි සහිතව ඔප්පු කර සිටියේය.

මෙම කාර්යාලය අරලියගහ මන්දිරයේ ඇතුළත පිහිටුවා ඇති බව හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙසත් නැතිනම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් පසුගියදා අමාත්‍ය සාගල රත්නායක මහතා අයවැය විවාදයේ දී විමල් වීරවංශ මහතාගේ කතාවට බාධා කරමින් අභියෝග කර සිටියේය. එම අභියෝගය බාරගත් විමල් වීරවංශ මහතා (31) දංකොටුව සිත් රූ ශාලාවේදි පැවැති ‘රටට මොකද වෙන්නේ ?’ ජනහමුවට එක්වෙමින් මෙම කාර්යාලය අරලියගහ මන්දිරය තුළ වන බව පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ 2019 පෙබරවාරි 19 දාතම සහිතව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ශ්‍රී ලංකා කාර්යාලයේ, ජාතික උපදේශක/ සම්බන්ධීකාරක ආර්. සිරිවර්ධන නැමැත්තා යැවූ නිල ලිපියක් ජනතාවට පෙන්වමින් විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කලේය. එම ලිපියෙහි ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ හි ශ්‍රී ලංකා කාර්යාලයේ ලිපිනය ‘දෙවන මහල, නව ගොඩනැගිල්ල, උතුරු පියාපත, අරලියගහ මන්දිරය, කොළඹ 03’ ලෙස පැහැදිලිව දක්වා ඇති බව විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

තමන් මේ බව ඔප්පුකර පෙන්නූ නිසා ජනතාව රැවටූ සාගල රත්නායක අමාත්‍යවරයා ජනතාවගෙන් සමාව ගෙන ඉල්ලා අස්විය යුතු බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Related posts

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක්

colombotoday

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආනයනික ජීප් රථ | පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවලදී ප්‍රවාහනයටලු

colombotoday

සෞඛ්‍ය ආයතනවල රු. මිලියන 3000ක හිඟ විදුලි බිල්පත් – ජාතික රෝහලේ පමණක් මිලියන 339ක හිඟ බිලක්..

Admin

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday

නව ආණ්ඩුකාරවරු පස් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි…

colombotoday

දේශීය වෙදකම ප්‍රවර්ධනයට දුන්,අමාත්‍යාංශයේ කැබ් රථයෙන් දඩයමේ ගිහින් | ගිනි අවි හා තියුණු ආයුද සමග තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday