Colombo Today Local News

මුස්ලිම් ව්‍යාපාරිකයන් බුරුතු පිටින් අන්තවාදීන්ට අරමුදල් දීලා….

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සිදු කළ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයූ මෙරට ව්‍යාපාරිකයන් හඳුනාගැනීමට බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ වන විට අන්තවාදීන්ට අරමුදල් සපයන කිහිප දෙනකු හඳුනාගැනීමට සමත්ව ඇත. ඒ අය අතර දෙමටගොඩ මහවිල උද්‍යානයේ විසූ කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රාහිම් පවුලද කුලියාපිටියේ රන්භාණ්ඩ ව්‍යාපාරිකයෙක්ද වෙති. ඔවුන්ගෙන් දෙදෙනකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මේ අන්තවාදීන් වෙත අන්තර්ජාතික වශයෙන්ද අරමුදල් විශාල වශයෙන් ලැබී ඇතැයි හෙළිව තිබෙන අතර, එලෙස වැඩි වශයෙන්ම අරමුදල් ලැබී ඇත්තේ තුර්කිය හරහාය.

රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් ඒ මුදල් ලැබී ඇති බවට තොරතුරු රැසක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ට ලැබී තිබේ. ඊට අමතරව තවත් රටවල් කිහිපයකින්ම මේ අන්තවාදීන්ට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවද හෙළිව ඇත.

ඒ මුදල් වැඩි වශයෙන් මෙරටට රැගෙනවිත් ඇත්තේ නීති විරෝධි ක්‍රම ඔස්සේ බව බුද්ධි අංශ සඳහන් කරයි. ත්‍රස්තවාදීන් ජාතික තවුහිද් ජමාත් නමින් දේවස්ථානයක් මඩකලපුවේ ඉදි කර ඇත්තේද එකී අරමුදල්වලින් බවත්, ඊට අමතරව මෝටර් රථ, වෑන් රථ, ලොරි රථ සහ යතුරුපැදි 20කට වැඩි ප්‍රමාණයක් ඒ මුදල් යොදවා මිල දී ගෙන ඇති බවත් පරීක්ෂණ මඟින් අනාවරණය කරගෙන ඇති අතර, මේ වන විට ඒ වාහනවලින් 20ක තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

අදහස්

Your name කාරණය Comment *

Related posts

බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධයෙන් යළිත් විශ්වාසභංගයක්?

colombotoday

කරන්ට් බිලත් වැඩිකරන්න අවසර ඉල්ලයි

colombotoday

නීති නිතිවෙදින්ගේ සංගමයේ මිනී කාක්කෝ ශ්‍රෙෂ්ඨාධිකරණයට ඇස ගසයි !

colombotoday

පියසිරිගෙන් විමල්ට දැඩි ප්‍රහාරයක්.. විස්කි, පොලී, ඩීල් නොකී කතා තොගයක් එළියට අදී (Video)

colombotoday

ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති

colombotoday

ඇලෝසියස්ට-පලිසේනට ඇප නොලැබෙයි.. මාර්තු 15 දක්වා රිමාන්ඩ්

colombotoday