Covid 19World

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මළනොබැදෙන ලෝහ මත කොරෝනා වෛරසය මාසයක කාලයක් නොනවැසි පවතිනවා

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිරය සහ මළනොබඳින ලෝහ මත දින 28ක කාලයක් නොනැසී පැවතීමේ හැකියාව කොවිඩ් වෛරසය සතු බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් එම පර්යේෂණය සිදුකර තිබේ.

මීට පෙර අනාවරණය වී තිබුණේ මුදල් නෝට්ටු සහ වීදුරු මත කොවිඩ් වෛරසයට පැවතිය හැක්කේ දින 3ක කාලයක් පමණක් බවය.

එමෙන්ම ප්ලාස්ටික් සහ මළනොබැඳෙන ලෝහ මත වෛරසයට දින 6ක් පැවතිය හැකි බවත් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

කෙසේ නමුත් විද්‍යාඥයින් පවසන්නේ, මේ ආකාරයෙන් වෛරසයට පැවතිය හැක්කේ ප්‍රශස්ත තත්ත්වයන් යටතේදී පමණක් බවය.

ශීත කාලගුණික තත්ත්වයන් යටතේ වෛරසයට වඩාත් පහසුවෙන් වර්ධනය විය හැකි බවද මේ වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.

වඩාත් උණුසුම් කාලගුණයක් පවතින විට වෛරසයට පැවතිය හැකි කාලය සීමා වෙන බව සඳහන් කරන විද්‍යාඥයින් පවසන්නේ අධෝරක්ත කිරණ බලපෑම යටතේ වෛරසය වහාම විනාශයට පත්වන බවය.

කෙසේ නමුත්, කිවිසීමේදී, කැස්සකදී හෝ කතා බහක නිරතවෙද්දී මිනිසාගෙන් මිනිසා වෙත වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩිම සම්භාවිතාවක් පවතින බවද එම විද්‍යාඥයින් කණ්ඩායම පෙන්වාදෙයි.

Related posts

රත්නපුර රෝහලේ වෛද්‍ය-හෙද-සුළු සේවක-රෝගීන් 14කට කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

colombotoday

හින්දු මුස්ලිම් ගැටුමක්

colombotoday

ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – ඇමෙරිකාව කියයි

Admin

සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

Admin

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 23 ඉක්මවයි

colombotoday