Covid 19

මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව PCR පරීක්ෂණ ලක්ෂ 2ක ඉක්මවයි

මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව මේ වන විට සිදුකර ඇති පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ වන විට පුද්ගලයින් 207,819 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කරඇති බවය.

එම පරීක්ෂණවලින් 206,422 ක ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති අතර එහිදි ආසාදිතයින් 7,582 කු හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් අතර මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින් සහ ආශ්‍රිතයින් 2,662ක් වන අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැලේ සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 4,402ක් වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
පැවසුවේය.

Related posts

ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන්ගෙන් 83% ක් අවුරුදු 50 ට අඩු තරුණයින්

colombotoday

ගතවූ සතියට කොරෝනා මරණ 249යි | තුන්වන රැල්ලේ දැනට මරණ 606ක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,128ක්

colombotoday

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

colombotoday

වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා

colombotoday

අද නව ආසාදිතයින් 932ක්

colombotoday