මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පිරිස් සමග සම්බන්ධකම් පවත්වනු ලැබූ සියලු පුද්ගලයින් PCR පරීක්ෂණයක් සිදුකර ගත යුතු බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි සහ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටින්නේ ඉකුත් සැප්තැම්බර් මස 23 වෙනිදා සිට මිනුවන්ගොඩ කම්හලේ සේවක සේවිකාවන් සමග ආශ්‍රිතයින් වූ සියලු දෙනාට PCR පරීක්ෂණ සිදුකර ගන්නා ලෙසයි.