Colombo Today Local News

මැනිං වෙළෙඳපොළේ උණුසුම් තත්වයක්

කොළඹ මැනිං පොදු වෙළඳ සංකීර්ණය අද (09)දින විවෘත කෙරෙන බවට පෙර කළ දැනුම්දීමකට අනූව එළවළු තොග රැගෙන පිරිස් බොහෝමයක් එහි පැමිණ සිටියේය.

එහෙත් එළවළු තොග භාර ගැනීමට කිසිවෙකු නොමැති වීමෙන් අද අලුයම එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

කෙසේ වෙතත් එම තත්ත්වය සම්බන්ධයෙන් තව පැය කිහිපයක් තුළ නිසි විසඳුමක් ලැබෙනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා..

“දවස් 10 – 12 ක් විතර කාලයක් කොළඹ දිස්ත්‍රික්කය වැහිලා තිබ්බා. ගම්පහ දිස්ත්‍රික්කය මාසයකට විතර කාලයක් වැහිලා තිබුණා. ඒවා අද අලුතින් පටන් ගන්න දවස. යම් යම් තීරණ අරගෙන තිබුණට පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයින් බිහිවෙලා තියෙනවා. ඒ නිසා එක පාරටම ඇඳිරිනීතිය ඉවත් කරලා පැය දෙකක් වගේ ගතවෙලා තියෙන්නේ. පැය කිහිපයක් වරුවක් ඇතුළත මේ පිළිබඳ තීරණයක් ගනී. ඉදිරි පැය කිහිපය තුළ සෞඛ්‍ය බලධාරීන් සහ අදාළ බලධාරීන් මේ පිළිබඳ තීරණය කරයි.”

Related posts

පුරප්පාඩු ගණනයෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම අරඹයි

Admin

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි

colombotoday

රනිල්ගේ අභියෝගය සජිත් බාරගනී

Admin

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

colombotoday

භික්ෂූන් වහන්සේට ඉරක්කාමම් විහාරය තහනම්.. උසාවි නියෝගයක්.. ඉඩම ඉල්ලා මුස්ලිම් උද්ඝෝෂණ

colombotoday