Colombo Today Local News

මැතිවරණය නීතී උල්ලංඝනය කිරීමේ පැමිණිලි දහස පනී

මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 92ක් ලැබී ඇති බවයි.

ඊට ආදාළව පොලීසිය සිදුකළ විමර්ශනවල දී අපෙක්ෂකයින් දෙදෙනෙකු සහ ආධාරකරුවන් 117 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔවුන් සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ අතර මැතිවරණය නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ දක්වා පැමිණිලි 1193ක් ලැබී ඇති බවය.

ප්‍රචණ්ඩ ක්‍රියා, රාජ්‍ය දේපල පරිහරණය, නීති විරෝධී ලෙස අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

Related posts

ජනපති කැබිනට්ටුවෙන් නැගිට ගියේ “අරක“ කරන්නයි.. කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිත අමුතු කතාවක් කියයි

colombotoday

සංහිදියාවේ ගැට්ටෙන් වැටුණු කෝකිලායි පන්සලේ අවණඩුව

colombotoday

රනිල්ට, සජිත්ට වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගැනීමේ දොලදුකක් තමන්ට හැදී ඇති බව විමල් කියයි

colombotoday

ජනාධිපති අරමුදල ගෙවීම් කඩිනම් කරයි

Admin

හම්බන්තොට දළු දමන අලුත් පවුල් ගස

Admin

සදසිරිගම පොළව ඉරි තලයි

colombotoday