Colombo Today Local News

මාස 3ක් යන්න කලින් මේ ආණ්ඩුව පෙරළනවා

‘අධිකරණයේ අගමැති හා ඇමැති මණ්ඩලයට’ වැඩි කාලයක් ආණ්ඩුව කරගෙන යෑමට නොහැකි බවත් කරුණු 4ක් හේතුවෙන් මාස 3ක් ගතවීමට පෙර අනිවාර්යයෙන්ම මෙම ආණ්ඩුව පෙරළන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි විරෝධය පළ කිරීම, පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක භූමිකාව සමඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධය පළ කිරීම, රටේ පොදු මහජනතාව ආණ්ඩුවට එරෙහිව විරෝධය පළකිරීම, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් උග්‍රවීම යන කාරණා 4 නිසා මෙම ආණ්ඩුවේ ආයුෂ කෙටිවීමට බොහෝදුරට අවස්ථාව තිබෙන බව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමට තිබුණු අවස්ථාව ශේ‍ර්ෂ්ඨාධිකරණය මඟින් වැළැක්වූ නිසා මෙම ආණ්ඩුව බිහි වූ බවත් එම නිසා ‘අධිකරණයේ අගමැති හා ඇමැති මණ්ඩලය’ වශයෙන් මෙය හැඳින්වීම ඉතා නිවැරැදි බවත් වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

වර්තමාන ආණ්ඩුව පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනාවොත් එයට එක්සත් ජනතා නිදහස් සන්ධානය විරුද්ධ නොවන බවත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම් ඇතුළු එදිනෙදා කටයුතු වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට අත්‍යවශ්‍ය බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

Related posts

බේබදු පියාගේ උදලු පහරින් දියණිය මරු දකී

colombotoday

“සිරා දැන් හොරා” මධුමාධව රහස් රැසක් එළියට දමයි !

colombotoday

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළට

colombotoday

මුස්ලිම් දේහයක ඇට කැඩීම ඔහු ජීවත්ව සිටියදී කැඩුවා හා සමානයි. – වැලලෙන්න ඉල්ලා බදුර්දීන් යලිත් ජනපතිට ලියයි

colombotoday

මාස අටට මොණරාගල රක්ෂිත 42ක ගිනි ගැනීම්

Admin

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday