Colombo Today Local News

මහනුවර ඡන්ද යළි ගනින්නැයි ඉල්ලා මහසෝන් බලකායේ ප්‍රධානියාගෙන් පෙත්සමක්

ඉකුත් මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කය සදහා ඉකුත් මහ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ තරග කළ මහසෝන් බලකායේ ප්‍රධානියා අමිත් වීරසිංහ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඇතුළු 19 දෙනෙකු නම් කර තිබේ.

ඉකුත් මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත ඡන්ද ගණනය කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පෙත්සම ඉදිරිපත් කළ අමිත් වීරසිංහ මහතා කියා සිටී.

මේ හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට නොහැකි වූ බව ද ඔහු සිය පෙත්සමෙන් කියා ඇති බව වාර්තාවේ.

Related posts

ගන්දර පොලිස් ස්ථානයේ දී සැකකරුවෙකුට වෙඩි වදී

colombotoday

රෝසි සේනානායක, අසාත් සාලි සමග කොළඹ සටනට පොහොට්ටුවෙන් අලුත් මුහුණක්

colombotoday

යුද්ධයෙන් බේරාගත් රට නව ව්‍යවස්‌ථාවෙන් බෙදීම වැළැක්‌වීමයි අපේ අරමුණ

colombotoday

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday

පුටින්ගේ ඊළඟ පිම්ම කොතැනටද?

colombotoday

පයේ පෑගී කාන්තාවට හමු වූ නිධානය වතුරේ යයි.

colombotoday