කල්මුණේ සායින්දමරුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතර තුළ සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය, ඇතුළු ආරක්ෂක අංශ මෙම මෙහෙයුමේ යෙදී සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා.
විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් බවට සැක කරන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම සිදුවූ බවයි .