Uncategorized

මම නායකයා වුණේ පක්ෂයේ හැම එකාම බෝම්බෙන් ගිය නිසා…

තමන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පැමිණියේ පක්ෂෙයේ සියලුම ඉදිරිපෙළ නායකයින් බෝම්බ ප්‍රහාරවලින් මියගිය නිසා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාාර්යාලයේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

“යුද්ධයේදි වැඩිම විනාශය වුණේ උතුරේ. හැම පැත්තෙම මිනිස්සු මැරුණා. මගේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක්, ජනාධිපතිවරයෙක්, මහ ලේකම්වරයෙක් මැරුණා. ජනාධිපති අපේක්ෂකයා මැරුණා. ලලිත් ඇතුලත්මුදලි මැරුණා. මම නායකත්වයට ආවේ අනිත් හැම එකාම බෝම්බෙන් ගිය නිසා. ඒ නිසා ද්‍රවිඩ ජනතාව එක්ක මට ගහගන්න හේතුවක් නෑ. මේවා කළ එල්ටීටීඊය එක්ක ගහගන්න පුළුවන්. ඒත් ගහගන්න කෙනෙක් නෑ දැන්.”

“සමහර කාරණා ගැන නඩු දාලා තියෙනවා. එල්ටීටීඊ අයට වගේම මං හිතන්නේ හමුදාවේ අයටත් නඩු දාලා තියෙනවා. ඒ ඔක්කෝම නඩු 2015ට කලින්. හැමදාම නඩු දාගෙන යන්න බෑ. සංහිඳියාව එන්න ඕන. අප සත්‍ය කතා කරලා, කනගාටුව ප්‍රකාශ කරලා, සමාව අරගෙන හුඟක් කටයුතු නිමා කරන්න ඕන. අපට මේ රට හදන්න තියෙනවා.”

Related posts

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday

මෙරටදී ගුවන් මගීන්ට PCR පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට අවස්ථාව

colombotoday

කෑගල්ලේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රිමාන්ඩ්

colombotoday

කෝටි 200 කුඩු සමඟ ඇල්ලූ හයදෙනා වරායට ගෙන එයි

Admin

මහජන සාමය ආරක්ෂාවට ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

colombotoday